ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ( International Cricket Council) ලොව ප්‍රමුඛතම ඒකාබද්ධ බලශක්ති සහ රසායනික ද්‍රව්‍ය සමාගමක් වන සෞදි අරාබියාවේ Aramco සමඟ ගෝලීය හවුල්කාරිත්වයක් ප්‍රකාශයට පත් කර ඇති බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේය.
2022 ඕස්ට්‍රේලියාවේ පැවැත්වෙන ICC පිරිමි T20 ලෝක කුසලානය, දකුණු අප්‍රිකාවේ ICC කාන්තා T20 ලෝක කුසලානය, එක්සත් රාජධානියේ පැවැත්වෙන ICC ලෝක ටෙස්ට් ශූරතා අවසන් මහා තරඟය, 2023 ඉන්දියාවේ දී පැවැත්වෙන ICC පිරිමි ක්‍රිකට් ලෝක කුසලානය ඇතුළුව 2023 අවසානය දක්වා පැවැත්වීමට නියමිත සියලුම ප්‍රධාන පිරිමි සහ කාන්තා ICC ඉසව් සඳහා Aramco අනුග්‍රහය මෙම හවුල්කාරිත්වයට ඇතුළත් වන එහි සදහන්ය
ලොව පුරා සිටින පාරිභෝගිකයින්ට දැරිය හැකි, විශ්වාසදායක සහ වඩා තිරසාර බලශක්තියක් ලබා දීම සඳහා සමාගම සිය මෙහෙවර පුළුල් කරන බැවින්, එය බිලියනයකට වඩා වැඩි ක්‍රිකට් ලෝලීන්ගෙන් යුත් ගෝලීය ක්‍රිකට් ප්‍රේක්ෂක පිරිසක් සමඟ Aramco සම්බන්ධ වනු ඇති බවද එම සමාගම සදහන් කර ඇති බව එහි සදහන්ය.
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිකුත් කල නිවේදනය 👇
https://www.icc-cricket.com/media-releases/2850623