පවතින අධික වර්ෂාවත් සමග යතුරු පැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයෙකු පාර හරහා ගලාගිය දිය පහරකට හසුව දොළකට පෙරලීමෙන් මියගොස් ඇතැයි පිටිගල පොලිසිය පවසයි.
මෙසේ මියගොස් ඇත්තේ ගොඩාමුණ, බංගමුකන්ද ප්‍රදේශයේ පදිංචි 40 පුද්ගලයෙකු බව පොලිසිය පවසයි.
මෙම පුද්ගලයා සිය නිවෙසබලා යතුරු පැදියෙන් යමින් සිටියදී පාර හරහා ගලා ගිය දියපහරකට හසුවී දොලකට වැටී ඇති අතර ඔහුගේ හිස එහි ගලක වැදීමෙන් තුවාල වී තිබුණ බවත් පාරේ ගිය අය දකින විටත් ඔහු මියගොස් තිබුණ බවත් පොලිසිය පවසයි.