දක්ෂිණ අධිවේගී මාර්ගයේ පස් කන්දක් කඩාවැටීමෙන් තුවාල ලබා කරාපිටිය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි විශේෂ කාර්ය බළකා සැරයන්වරයකු අද (18) උදෑසන මියගිය බව පොලිසිය පවසයි.
මෙලෙස මියගොස් ඇත්තේ කළුතර උතුර, සිරි සද්ධාතිස්ස මාවතේ පදිංචිව සිටි දමිත් නිශාන්ත ප්‍රනාන්දු නමැති 42 හැවිරිදි දෙදරු පියෙකි.
පසුගිය ඔක්තෝබර් මස 11 වැනි දා අධික වර්ෂාවත් සමඟ දක්ෂිණ අධිවේගී මාර්ගයේ කිලෝ මීටර 105 ආසන්නයේ මෙම පස්කඳු කඩා වැටීම සිදුවිය.
එම අනතුරින් තුවාල ලැබූ විශේෂ කාර්ය බළකායේ සැරයන් වරයා අසාධ්‍ය තත්වයෙන් කරාපිටිය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියේය.
මෙම මරණය සම්බන්ධ හදිසි මරණ පරීක්ෂණය අද (18) කරාපිටිය රෝහලේ හදිසි මරණ පරීක්ෂක චන්ද්‍රසේන ලොකුගේ මහතා විසින් සිදුකිරීමෙන් පසුව දේහය ඥාතීන්ට භාර දෙනු ලැබිය.