චිනයේ ප්‍රබල භූමිකම්පාවකින් විශාල පිරිසක් මරුට

වයඹ දිග චීනයේ ඊයේ රාත්‍රියේ සිදුවූ භූ කම්පනයකින් මේ වන විට පුද්ගලයින් 110 දෙනෙකු මියගොස් තිබෙන බව එරට බලධාරීන් උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

රික්ටර් මාපකයේ ඒකක 5.9ක ප්‍රබලතාවයකින් යුතු පොළොව අභ්‍යන්තරයේ කිලෝමීටර් 10ක් ගැඹුරින් භූ කම්පනය හටගෙන ඇති බව අමෙරිකානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනය ප්‍රකාශ කළේය

එමඟින් ගොංෂු පළාතේ සහ කිංග්හායි පළාතේ ගොඩනැගිලි විනාශ වී තිබෙන අතර මියගිය සංඛ්‍යාව තවත් ඉහළ යා හැකි බව එම වාර්තා සදහන් කලේය.

භූ කම්පනයෙන් පුද්ගලයින් 222 දෙනෙකු තුවාල ලබා ඇති බව මේ වන විට වාර්තා වේ.

Werzuo Digital

Leave a Reply