වසරේ ගත වූ කාලසීමාව තුළ ලාදුරු රෝගීන් 1,135ක් හඳුනාගෙන ඇති බව ලාදුරු මර්දන ව්‍යාපාරය පවසයි
සැප්තැම්බර් මාසයේ පමණක් ලාදුරු රෝගීන් 175ක් සොයා ගැනීමට හැකි වූ බව එහි අධ්යක්ෂ විශේෂඥ වෛද්‍ය ප්‍රසාද් රණවීර මහතා සඳහන් කළේය.
රෝගීන් හඳුනා ගැනීම සඳහා වැඩිම රෝගීන් වාර්තා වන ප්‍රදේශ සිතියම්ගත කිරීමට පියවර ගෙන ඇති බව ද විශේෂඥ වෛද්‍ය ප්‍රසාද් රණවීර මහතා සඳහන් කර තිබේ
ලාදුරු යනු කුමක්ද ?
- ලාදුරු යනු Mycobacterium leprae නමැති බැක්ටීරියාව මගින් බෝවන, නිදන්ගත රෝගයක් වන අතර එය සම සහ පර්යන්ත ස්නායු පද්ධතියට බලපෑම් ඇති කරයි.
- ශ්වසන මාර්ගයෙන් නිකුත් වන ආසාධිත බිඳිති මගින් මෙම රෝගය ව්‍යාප්ත වීම සිදුවේ.
- මෙම රෝගය මිනිසෙකුගෙන් තවත් මිනිසෙකුට බෝවිය හැකි අතර මේ සඳහා නිශ්චිත වාහකයෙකු හඳුනාගෙන නොමැත.
- ප්‍රතිකාර ගන්නා රෝගියකුගෙන් මෙම රෝගය අන් අයට බෝ නොවේ.
- ලාදුරු රෝගය පහසුවෙන් හඳුනාගෙන ප්‍රතිකාර ලබා දීම හා සුව කිරීම කළ හැක.
- ලාදුරු රෝග විනිශ්චය ප්‍රධාන වශයෙන් සිදුකරනු ලබන්නේ සායනයේදී රෝග ලක්ෂණ හඳුනා ගැනීම මගිනි.
- ලාදුරු රෝගයේ ප්‍රධාන රෝග ලක්ෂණය වන්නේ හැඟීම් නොදැනෙන ලප කැළැල් ය.
- ලාදුරු රෝගයේ ප්‍රධාන ගැටලුවක් වන්නේ දුබලතා ඇති වීම මගින් ඵලදායීතාව අහිමි වීමයි.
- මෙම දුබලතා ලාදුරු රෝගය නිසා ඇති වන ප්‍රතික්‍රියා නිසා ඇති වන අතර ඕනෑ ම අවස්ථාවක එනම් ප්‍රතිකාර සම්පූර්ණ කිරීමෙන් පසු පවා ඇති විය හැක.
- කලින් රෝගය හඳුනාගෙන ප්‍රතිකාර කිරීම මගින් මෙම දුබලතා බොහෝ දුරට වළක්වා ගත හැක.
ලාදුරු සම්බන්ධයෙන් මෙරට ඉතිහාසය
ශ්‍රී ලංකාවේ ප්‍රථම ලාදුරු රෝහල ලන්දේසි පාලන සමය තුළ, ක්‍රි.ව. 1708 දී ස්ථාපනය කරන ලදි.ලොව ප්‍රථමයෙන් ලාදුරු සඳහා සාර්ථක ප්‍රතිකාරයක් සොයාගනු ලැබුවේ, 1940 වර්ෂයේය.
වර්තමානයේ ලාදුරු රෝගය සුව කිරීම සඳහා බහු ඖෂධ ප්‍රතිකාර (MDT) ලබා දෙන අතර ලාදුරු වර්ගය අනුව මාස 6ක් හෝ 12ක් වශයෙන් ප්‍රතිකාර ලබා දීම සිදුකරයි.
ලාදුරු මර්දන ව්‍යාපාරය ශ්‍රී ලංකාවේ ස්ථාපනය කරන ලද්දේ 1954 වසරේදී ය.1995දී ලාදුරු මර්දන ඉලක්කයට ළඟා වීමට ශ්‍රී ලංකාවට හැකි විය.
එම නිසා 2001දී ලාදුරු සේවාවන් සාමාන්‍ය සෞඛ්‍ය සේවයට අන්තර්ග්‍රහණය කරන ලදී. කෙසේ වෙතත්, තවමත් නව ලාදුරු රෝගීන් 2000 ක් පමණ වාර්ෂිකව වාර්තා වේ