ඇහැලියගොඩ පොලිස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක ප්‍රියංකර ද සිල්වා මහාතා වෙඩි වැදිමෙන් අද (21) අලුයම මියගොස් ඇති බව ඇහැළියගොඩ පොලිසිය පවසයි.
මෙසේ මියගොස් ඇති ප්‍රධාන පොලිස් පරීක්‍ෂකවරයා කලුතර ප්‍රදේශයේ පදිංචි 42 වියේ පසු වු දෙදරු පියකු බව ද පොලිසිය පවසයි.
පොලිස්ථානාධිපතිවරයා නැවතී සිටි නිලනිවස තුලදී ඔහුට වෙඩි වැදී ඇති බව ද පොලීසිය පවසයි.
මෙම වෙඩි තැබීම සිය දිවි නසා ගැනීමක් ද නැත්නම් අපරාධයක් ද යන්න පිළිබඳව වැඩි දුර පරික්‍ෂණ පවත්වන බව ද ඇහැළියගොඩ පොලසීය පැවසීය.