රැකවරණය අහිමි වූ මව්පියවරුන් 8000 අධික පිරිසක් වැඩිහිටි නිවාසගතව සිටින බව ජාතික වැඩිහිටි ලේකම් කාර්යාලය පවසයි.
වැඩිහිටි නිවාස 349ක ඔවුන් රැකවරණය ලබමින් සිටිති. රැකවරණය ලබන වැඩිහිටියන් 8806කි.
මව්වරුන් 5624ක් සහ පියවරුන් 3182ක් දරුවන්ගෙන් සහ ඥාතීන්ගේ රැකවරණය අහිමිවීමෙන් ඔවුහු මෙසේ වැඩිහිටි නිවාසවල සැඳෑ සමය ගත කරති.
බස්නාහිර පළාතේ වැඩිහිටියන් 1242 වැඩිහිටි නිවාසවල සැඳෑ සමය ගෙවන අතර නැගෙනහිර පළාතේ වැඩිහිටියන් 1071ක්ද වයඹ පළාතේ වැඩිහිටියන් 809ක්ද සබරගමුව පළාතේ වැඩිහිටියන් 789ක් උතුරු පළාතේ වැඩිහිටියන් 756ක්ද වශයෙන් වැඩිහිටි නිවාසවල රැඳී සිටිති.
වැඩිහිටි නිවාස 349ක දරුවන්ගේ හෝ ඥාතීන්ගේ රැකවරණය අහිමි වී සිටින වැඩිහිටියන් රැඳී සිටින අතර වයස අවුරුදු 70 ඉක්ම වූ අය 416667ක් වැඩිහිමි දීමනාව ලබන බව ජාතික වැඩිහිටි ලේකම් කාර්යාලය පවසයි.
වයස අවුරුදු 60 ඉක්ම වූ වැඩිහිටියන් ජාතික ආර්ථිකයට දායක කර ගැනීම සඳහා ස්වයං රැකියා සඳහා යොමු කිරීම පිළිකා ,අංශභාග, වකුගඩු ,හෘද රෝගවලින් පෙළෙන වැඩිහිටියන් සඳහා රුපියල් 25000 උපරිමයකට යටත් මූල්‍ය පහසුකම් ලබාදීමට පියවර ගෙන තිබේ.
වැඩිහිටියන්ගේ මානසික සුවය සංවර්ධනයට විවිධ වැඩසටහන් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් පැවැත්වීමටද පියවර ගෙන තිබේ.