ගිං ගඟ පීටාර ගලයි – ප්‍රදේශ කිහිපයකට ගං වතුර අවදානමක්

ගිං ගඟේ ඉහළ ජල පෝෂක ප්‍රදේශවලට ලැබෙන අධික වැසි තත්ත්වයත් සමග ප්‍රදේශ කිහිපයකට ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

ඇම්බර් වර්ණයෙන් යුතු නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව මේ බව පවසයි.

එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ වැලිවිටිය-දිවිතුර, බද්දේගම, නියාගම, නෙළුව, තවලම, අක්මීමන, නාගොඩ, ඇල්පිටිය සහ බෝපේ පොද්දල ප්‍රදේශවලට මෙලෙස ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බවය.

මෙම තත්ත්වය සම්බන්ධයෙන් දැඩි සැලකිල්ලකින් පසුවන ලෙසට එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

මේ අතර බස්නාහිර, සබරගමුව, දකුණු සහ වයඹ පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ප්‍රදේශවල මිලි මීටර් 100ක පමණ තද වැසි ද බලාහපාරොත්තු වන බව සඳහන් කරයි.

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් උතුරු – උතුරු මැද සහ වයඹ පළාත්වලත්, ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට  තරමක තද සුළං ඇති වේ.

ඌව සහ නැගෙනහිර පළාත්වල සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Werzuo Digital

Leave a Reply