ගාල්ලේ පාසල්වලට මත්ද්‍රව්‍ය නිවාරණ කමිටු

පාසල්වල මත්ද්‍රව්‍ය නිවාරණ කමිටු පිහිටුවා ඒවා ශක්තිමත් කිරිමට ආදි ශිෂ්‍ය සංගම් සමග සාකච්ඡා කිරිමට පියවර ගෙන ඇතැයි මෙවර පැවති ගාල්ල දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටු රැස්විමේදි ගාල්ල දිස්‍ත්‍රික් ප්‍රජා වෛද්‍ය විශේෂඥ අමිල චන්ද්‍රසිරි මහතා පැවසිය.

නියමු ව්‍යපෘතියක් ලෙස තෝරාගත් පාසල් හතක පළමුවෙන්ම මෙම මත්ද්‍රව්‍ය නිවාරණ කමිටු පිහිටුවන බවත් ඒවා ශක්තිමත් කිරිමට ආදි සිසු සංගම් සමග සාකච්ඡා කිරිමට පියවර ගෙන ඇති අතර මෙයට පොලිසියේ සහාය ලබාදෙන ලෙසද ඒ මහතා ඉල්ලා සිටියේය.

එහිදි ගාලු දිසා බාර නියෝජ්‍ය පොලිස්පති රොෂාන් විජේසිංහ මහතා පැවසුවේ මෙම මත්ද්‍රව්‍ය නිවාරණ කමිටු පළාතේම පිහිටුවිය යුතු අතර ඒ සඳහා බුද්ධි තොරතුරුද රැස්කර ගෙන පූරණ සහාය ලබාදෙන බවය.

දකුණු පළාත් අධ්‍යාපන අමාතයංශයේ ලේකම් රංජිත් යාපා මහතා කියා සිටියේ මෙම කමිටු නාගරික පාසල්වල පමණක් නොව ග්‍රාමිය පාසල්වලද පිහිටුවිය යුතු බවය.

මේ සඳහා සියලු දෙනාම කැමැත්ත පල කරන ලදී.

ගාල්ල දිස්ත්‍රික් පාලිමේන්තු මන්ත්‍රි සම්පත් අතුකෝරල මතාගේ ප්‍රධානත්වයෙන් දිස්ත්‍රික් ලේකම් කාර්යාලිය ශ්‍රවණාගාරයේදි රැස්විම පැවැත්විණ.

Werzuo Digital

Leave a Reply