බන්ධනාගාර රැඳවියෙකු ජිවිතක්ෂයට

ගාල්ල බන්ධනාගාරයේ රඳවා සිටි රැඳවියකු රෝගී තත්වයක් හේතුවෙන් අද (20) කරාපිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇතැයි පොලිසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ 32 හැවිරිදි වියේ පසුවන අයෙකි.

මියගිය රැඳවියා ශ්වසන අපහසුතා තත්වයක් හේතුවෙන් බන්ධනාගාර නිලධාරින් විසින් කරාපිටිය රෝහලට ඇතුළත් කර ඇති අතර පසුව දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මොහු මියගොස් ඇත.

මියගිය රැඳවියාගේ පශ්චාත් මරණ පරීක්ෂණය අද සවස කරාපිටිය රෝහලේ දී පැවැත්වීමට නියමිතව තිබිණ.

Werzuo Digital

Leave a Reply