අවුරුදු 30ත් 45ත් අතර වයසේ පසුවන පුද්ගලයින් හට හෘදයාබාධ වැළඳීමේ ප්‍රවණතාව ඉහළ ගොස් ඇති බව කායික රෝග විශේෂඥ වෛද්‍යවරු පවසති.
2021 වසරේ සිට ක්‍රමානුකූලව මෙම වයස් කාණ්ඩවල පුද්ගලයින්ට හෘදයාබාධ වැළඳීම ඉහළ යමින් පවතින බව ඔවුන් පෙන්වා දෙයි.
ඉන් ඇතමුන් රෝහල් ගත කිරීමටත් පෙර මියයෑමේ සිදුවීම් ද වාර්තා වන බව වෛද්‍යවරුන් පවසති.
ඇතැම් රෝහල්වලට මාසිකව හෘදයාබාධ වැළඳුණු රෝගීන් 10ත් 15ත් අතර පිරිසක් පැමිණෙන බව සඳහන්ය.
ඔවුන්ගෙන් සියයට 90ක් පමණ පිරිමි පුද්ගලයින් වීම ද විශේෂත්වයකි.
ක්‍රමවත් ආහාර රටාවක් නොමැතිවීම, ව්‍යායාම නොකිරීම, දුම්වැටි සහ මත්ද්‍රව්‍ය භාවිතය, මානසික ආතතිය වැනි හේතූන් හෘදයාබාධ වැළඳීමට හේතුවන බව වෛද්‍යවරුන් පෙන්වාදෙති.
කෙසේ වෙතත් හෘදයාබාධ වැළඳෙන රෝගීන් ඉහළ යාමට නිශ්චිත හේතුවක් අනාවරණය කරගැනීමට නොහැකි වී ඇති බව කායික රෝග විශේෂඥ වෛද්‍යවරුන් පෙන්වාදෙයි.