තද සුළඟකින් සන්නිවේදන කුළුණක් කඩාවැටී පිරිසක් රෝහලට

කන්තලේ නගරය හරහා අද (04) දහවල් හමාගිය තද සුළගකින් නගර මධ්‍යයේ පිහිටි ටෙලිකොම් සන්නිවේදන කුළුණ ඒ අසළ පිහිටි තැපැල් කාර්යාලයේ වහලය මතට කඩා වැටිමෙන් පස් දෙනකු තුවාල ලබා කන්තලේ රෝහලට ඇතුළත් කළ බව පොලීසිය පවසයි.

ඔවුන්ගේ තත්වය බරපතල නොවන අතර ඔවුන් හදිසි ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලබන බව රෝහල් ප්‍රකාශකයෙකු පැවසීය.

සන්නිවේදන කුළුණ තැපැල් කාර්යාලයේ වහලයට කඩා වැටිමෙන් වහලයට දැඩිලෙස හානි සිදුවි ඇති අතර වහලයෙන් ගැලවි විසි වි ගිය කොටස් වැදිමෙන් තුවාල වු පස් දෙනාම තැපැල් කාර්යාල සේවකයන් බව වාර්තාවේ.

මෙම ටෙලිකොම් පරිශ්‍රය තුළ සන්නිවේදන කුළුණු දෙකක් ඇති අතර මීට වසර 10ට පමණ පෙර ඉදිකරන ලද උසම කුළුණ තද සුළගට හසුවී මෙලෙස තැපැල් කාර්යාලයේ වහලය මතට කඩා වැති තිබේ

Werzuo Digital

Leave a Reply