ගොඩබිම් ප්‍රදේශ සඳහා තද සුළං තත්ත්වයක් ඇති විය හැකි බව නිවේදනයක් නිකුත් කරමින් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
ඒ අනුව මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු, වයඹ සහ උතුරු මැද පළාත්වලත් හම්බන්තොට සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැයට කිලෝමීටර 50 – 60ක පමණ තද සුළං ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව නිකුත් කල නිවේදනයේ සදහන්ය.
ඒ අනුව සිදුවන අනතුරුවලින් මෙන්ම ධීවර කටයුතු සිදුකිරීමේදි වඩාත් විමසිලිමත් වෙන ලෙසයි එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටි.