සමගි ජනබලවේගයේ රත්ගම ප්‍රාදේශීය සභා අපේක්ෂක සහ හිටපු ප්‍රාදේශීය මන්ත්‍රීවරයෙකුට අද දහවල් (17) යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනකු විසින් සීනිගම දේවාලය ආසන්නයේදී සිදුකල වෙඩි තැබිමකින් බරපතළ තුවාල ලබා රෝහල්ගත කළ බව පොලිසිය පවසයි.
ප්‍රාදේශීය සභා අපේක්ෂකවරයා සිය කැබ් රථයෙන් ගමන් කරමින් සිටියදී යතුරුපැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනකු මොහුට මෙලෙස වෙඩි තබා ඇත.
වෙඩි වැදීමත් සමග ප්‍රාදේශීය සභා අපේක්ෂකවරයා සිය මෝටර් රථය පදවාගෙන හික්කඩුව පොලීසියට පැමිණ මේ බව දැනුම් දී ඇත.
පසුව 119 ගිලන් රථයකින් මොහු ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කොට ඇත.
පිස්තෝල වර්ගයේ ගිනි අවියකින් මෙම වෙඩි තැබීම සිදු කොට ඇති අතර සිද්ධිය වූ ස්ථානයේ තිබී වෙඩි උණ්ඩ තුනක් හමු වී ඇතැයි පොලිසිය පවසයි.
සිද්ධිය සම්බන්ධයෙන් මිටියාගොඩ පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන යනු ලබයි.