රක්වානේ අනවසර පතලක් ඊයේ (16) කඩාවැටී ඊට යටවීමෙන් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙන බව පොලිසිය පවසයි.
රක්වාන මාදම්පේ ප්‍රධාන මාර්ගයේ මාදම්පේ වත්ත අංක 01 කොටස ප්‍රදේශයේ පවත්වාගෙන ගිය අනවසර පතලක් මෙලෙස කඩාවැටී ඇත.
මෙම අනවසර පතල කාලයක් තිස්සේ පවත්වාගෙන ගොස් ඇති බවද අනාවරණය වි තිබේ.
අනතුර සිදුවන අවස්ථාවේදී පතලේ පුද්ගලයින් 04 දෙනෙකු සිට ඇති බවටද තොරතුරු වාර්තාවී ඇත.
කෙසේවෙතත් පුද්ගලයින් දෙදෙනෙකුගේ සිරුරු මේ වනවිට හමුවී ඇති අතර කහවත්ත මුලික රෝහලේ දේහයන් තැන්පත් කර තිබේ.
රක්වාන පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.