හතරවන වරටත් පේරාදෙණිය සරසවිය ලංකාවේ අංක එකට

ටයිම්ස් උසස් අධ්‍යාපන ලෝක ශ්‍රේණිගත කිරීම් අනුව පේරාදෙණිය විශ්වවිද්‍යාලය නැවතත් ශ්‍රී ලංකාවේ අංක එකේ විශ්වවිද්‍යාලය බවට නම් කොට තිබේ .

ටයිම්ස් ලෝක ශ්‍රේණිගත කිරීම් මගින් උසස් අධ්‍යාපනයට ලොව සුදුසුම උසස් අධ්‍යාපන ආයතන වර්ගීකරණය වාර්ෂිකව සිදු කරන අතර එමගින් ලෝකයේ උසස් අධ්‍යාපන ආයතන වල විවිධ මෙහෙවරයන් හා සාර්ථකත්වයන් පිළිබඳ නිසි අවබෝධයක් ලබා දීම සිදු කරයි.

මෙමගින් විශ්වවිද්‍යාල ක්‍රියාකාරකම් වල ප්‍රධාන අංශ තුනක් ආවරණය කරනු ලබයි . එනම් පර්යේෂණ, බලපෑම සහ ඉගැන්වීම එම අංශ තුන වේ . එම අංශ තුන යටතේ ප්‍රවේශ වෙමින් කාර්ය සාධන දර්ශක 13 ක් භාවිතා කරමින් වර්ගීකරණය සිදු කරනු ලබයි .

ඒ අනුව ටයිම්ස් ලෝක විශ්ව විද්‍යාල ශ්‍රේණිගත කිරීම් අනුව ලංකාවේ අංක 01 විශ්වවිද්‍යාලය බවට පෙරදෙණිය විශ්වවිද්‍යාලය පත්ව ඇති අතර පේරාදෙණිය විශ්වවිද්‍යාලය ශ්‍රී ලංකාවේ අංක 01 විශ්වවිද්‍යාලය බවට පත් වූයේ සිව්වැනි වරට වීමද විශේෂත්වයකි .

Werzuo Digital

Leave a Reply