මුලතිව්, කේප්පාපිලව් ප්‍රදේශයේ නිවසක සවිකොට තිබු ගේට්ටුවක් ගැලවී ඊට යටවීමෙන් වයස අවුරුදු තුනක දරුවෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව මුල්ලියාවේලි පොලීසිය පවසයි.
කේප්පාපිලව් ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු තුනක් වු දරුවෙකු එලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිසිය පවසයි.
ගේට්ටුවේ එල්ලි දරුවා සෙල්ලම් කරමින් සිටි අවස්ථාවේ ගේට්ටුව ගැලවී දරුවාගේ ඇඟ මතට කඩා වැටී ඇති බවද පොලීසිය පවසයි.
ගේට්ටුව ඇඟ මතට කඩා වැටීමෙන් තුවාල ලැබු දරුවා මුලතිව් රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ජීවිතක්ෂයට පත්ව ඇති බවද පොලීසිය පවසයි.
දරුවාගේ මළ සිරුර මුලතිව් රෝහල් මෘත ශරීරාගාරයේ තැන්පත් කොට ඇති අතර, මළ සිරුර සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණයෙන් අනතුරුව මළ සිරුර දෙමාපියන් වෙත භාරදීමට නියමිතය.
සිද්ධිය සම්බන්ධයෙන් මුල්ලියාවේලි පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන යනු ලබයි.