නිරිත දිග මෝසම ඉදිරි දින කිහිපය තුල ශ්‍රි ලංකාවට

ඉදිරි දින කිහිපයේ දී නිරිත දිග මෝසම දිවයින හරහා ක්‍රමයෙන් ස්ථාපිත වනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කලේය.

ඒ, අනුව බස්නාහිර, සබරගමුව මධ්‍යම සහ දකුණු පළාත්වල විටින් විට වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව එම දෙපාර්තමේන්තුව පවසයි.

සබරගමුව පළාතේත් ගාල්ල, මාතර සහ කළුතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ක පමණ තද වැසි ඇති විය හැකි බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සදහන්ය

වයඹ පළාතේත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි අතර, ඌව සහ නැගෙනහිර පළාත්වලත් ස්ථාන ස්වල්පයක ස්වස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි අදාළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ.

දිවයින හරහා විටින් විට හමන පැයට කිලෝ මීටර් 40-45 ක තරමක තද සුළං ද ඇති විය හැකි බව සදහන්ය.

Werzuo Digital

Leave a Reply