ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් සෑම වසරකම මැයි මස 31 වනදා ලෝක දුම්කොළ නිවාරණ දිනය ලෙස නම්කර ඇත.
දුම්කොළ ලොව පුරා රෝගාබාධ හා මරණ සදහා වැදගත් හේතුවක් වන අතරබෝ නොවන රෝග වර්ධනය සදහා ප්‍රධාන අවධානම් සාධකයකි.
දුම්කොළ වල වාණිජ නිෂ්පාදන ප්‍රධාන කාණ්ඩ දෙකකි. දුම් දුම්කොළ සහ දුම් රහිත දුම්කොළ යන දෙකම සෞඛ්‍යයට අනතුරුදායක වන අතර කිසිදු ප්‍රතිලාභයක්ද ඉන් නොමැත.
නිෂ්පාදකයාගේ මගපෙන්වීම යටතේ භාවිතා කළද ඒහි පරිශීලකයන්ගෙන් අඩක් පමණ මරා දමන එකම වාණිජ නිෂ්පාදනය දුම්කොළය.
දුම්කොළ මගින් ලොව පුරා මිලියන 8කට අධික ජනතාවක් මියයන අතර ඔවුන්ගෙන් මිලියන 1.2ක් සාමාන්‍ය දුම් පානයට නිරාවරණය වීම හේතුවෙන් මියයයි.
ශ්‍රී ලංකාවේද දුම්කොළ භාවිතය නිසා දෛනිකව පුද්ගල මරණ 60 ක් සිදුවන බවත්, අවුරුදු 15-24 වයස් කාණ්ඩයේ පසුවන යෞවනයන් මේ වනවිට දුම්කොළ භාවිතයේ ගොදුරු බවට පත්වී ඇති බව සමික්ෂණයකින් හෙලිව තිබේ.
මැයි 31 දිනට ලෝක දුම්වැටි විරෝධී දිනය නිමිත්තෙන් සැවොම එක්ව ක්‍රියාකිරීම පිළිබද අවධානය යොමු කෙරේ.
දුම්කොළ සහ දුම්කොළ ආශ්‍රිත නිෂ්පාදන භාවිතය, ඔබට, මට මෙන්ම අප අවට පරිසරයටද ඉමහත් තර්ජනයකි. දැනුම්වත්වී ඒම තර්ජනයෙන් මිදෙමු.. දුම්කොළ භාවිතයෙන් තොර රටක් ගොඩනැගීමට උරදෙමු.