පොල් වගාවට මහත් බරපතළ බලපැමක් එල්ලවිය හැකි නව කෘමි වසංගත රෝගයක් ලංකාවේ පළමු වරට ගාල්ලෙන් සොයා ගැනිමට හැකි වි ඇතැයි පොල් සංවර්ධන මණ්ඩලයේ ගාල්ල ප්‍රාදේශිය කළමණාකරු එච්.ජි.හේමන්ත මහතා ඊයේ (30) පැවැති ගාල්ල දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටුවේ දි පැවසීය.
මෙම රෝගය බ්‍රොන්ටිෂ්පා නැමති කෘමිවර්ගයක් විසින් පොල් ගසේ ගොබය විනාශ කරමින්
පැතිර වන බරපතල රෝගයක් බවත් මෙි වනවිට මෙම රෝගය වැළදුන පොල් වගාවන් ගාල්ල දොඩන්දුව සිට මාතර කඹුරුගමුව දක්වා වෙරළ ආශ්‍රිතව හදුනා ගෙන ඇති අතර අවම වශයෙන් මේ වනවිට මෙවැනි පෙලේ ගස් 4000ක් පමණ හදුනාගෙන ඇති බවද ඒ මහතා පැවසිය.
මෙම රෝගය හදුනා ගැනිම දුෂ්කර බවත් ලංකාවේ පළමු වරට ගාල්ලෙන් හදුනාගත් මෙම රෝගය ගැන පොල් පර්යේෂණාගාරය පරික්ෂණ ආරම්භ කර ඇති බවද ඔහු පැවසීය.
මෙම හදුනාගත් පොල් ගස් වලට රසායනික එන්නතක් විදිම ආරම්භ කර ඇති බවත් එය එන්නත් කිරිමෙන් පසු අඩුම වශයෙන් මාස තුනක්වත් එම පොල් ගසේ ඵළදාව ආහාරයට නොගතයුතු බවත් රෝගය හදුනාගත් වහාම එලදාව ඉවත් කොට එන්නත් කරවා ගත යුතු බවද ඒ මහතා පෙන්නා දෙයි
මෙම රෝගය වැලදුනු ගසේ පොල් ගොබය මැරි කඩා වැටෙන බවද ඒ මහතා පැවසීය.