කැනඩාවේ සරසවියක වීසා පෙන්නා මුදල් වංචා කල දෙදෙනෙකු අල්ලයි

කැනඩාවේ ක්ලිම්ප් විශ්ව විද්‍යාලයේ අධ්‍යාපන වීසා ලබා දෙන බව පවසා රුපියල් කෝටි 60 කට අධික මුදලක් වංචා කළ කාන්තාවක සහ පිරිමි පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 63 හැවිරිදි වියේ පසුවන නුගේගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු සහ 47 හැවිරිදි වියේ පසුවන කඩුවෙල ප්‍රදේශයේ පදිංචිකාරිනියකි.

මෙම සැකකරුවන් විසින් දිවයිනේ විවිධ ප්‍රදේශවල පදිංචි පුද්ගලයින් 400කට ආසන්න පිරිසක් රවටා මෙලෙස මුදල් වංචා කර ඇති බව විමර්ශනවලදී හෙළිවී තිබේ

වෛද්‍යවරුන්, ඉංජිනේරුවරුන්, පොලිස් නිලධාරීන් විශ්ව විද්‍යාල ආචාර්යවරුන්, මෙන්ම මහාචාර්යවරුන් විශාල පිරිසක් සැකකාර කාන්තාවගේ සහ පිරිමි පුද්ගලයාගේ වංචාවට හසු වී ඇති බව පොලිසිය සඳහන් කරයි.

කොළඹ වංචා විමර්ශන අංශය විසින් මෙම වංචාව සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන සිදුකරනු ලබයි.

Werzuo Digital

Leave a Reply