රට තුළ නීතිය සහ සාමය ආරක්ෂා කිරීම වෙනුවෙන් දිවයින පුරා හදිසි මෙහෙයුම් සිදුකෙරෙන බව පොලීසිය පවසයි.
දැනට දින කිහිපයකට පෙර දිවයිනම ආවරණය වන පරිදි විශේෂ පොලිස් මෙහෙයුමක් ක්‍රියාත්මක වූ බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දූව මහතා පවසයි.
එම මෙහෙයුම දින 03ක් පුරා අඛණ්ඩය ක්‍රියාත්මක කර තිබේ.
සංවිධානාත්මක අපරාධකරුවන්, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්, මනුෂ්‍ය ඝාතකයින්, සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා මෙම මෙහෙයුම දියත්කර තිබූ බවද පොලීසිය පවසයි.
රාත්‍රි කාලයේ, දහවල් කාලයේ සහ උදෑසන කාලයේදීත් වරින්වර මෙම මෙහෙයුම දියත්කර තිබුණි.
ඒ අනුව ඉදිරියේදී ද දිවයින පුරා මේ ආකාරයේ මෙහෙයුම් ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දූව මහතා පැවසීය