මත්පැන් කර අශෝබන අන්දමින් හැසිරුනු බාලවස්කාර ගැහැනු ළමුන් දෙදෙනකු ඇතුළු 06 දෙනකු පානදුර සංචාරක හෝටලයක් අසල දී ඊයේ (20) පස්වරුවේ අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
අත්අඩංගුවට පත්වූවන් අතර බාල වයස්කාර ගැහැනු ළමුන් දෙදෙනකු, පිරිමි ළමයකු, තරුණියක සහ තරුණයන් දෙදෙනකු වන බව පොලිසිය පවසයි.
සංචාරක හෝටලයක් අසල මත්පැන් පානය කළ තරුණ දරුවන් පිරිසක් අශෝභන ලෙස ගැවසෙන බවට ප්‍රදේශවාසින්ගෙන් ලද දුරකතන ඇමතුමක් මත ක්ෂණිකව ක්‍රියාත්මක වූ පානදුර පොලිසිය මොවුන් අත් අඩංගුවට ගෙන තිබේ.
ඔවුන් සියලු දෙනා මත්පැන් පානය කර සිටී බවද වාර්තාවේ.