කරාපිටිය රෝහලේ සායනවලට එන රෝගින්ට වැසිකිළි පහසුකම් නැහැ

කරාපිටිය රෝහලේ දෙවන මහලේ වැසිකළි පහසුකම් නොමැතිවිම නිසා තමන් බලවත් අපහසුවට පත්වන බව එහි සායනවලට පැමිණෙන රෝගිහු පවසති.

ආබාධිත, මානසික, දන්ත, ස්නායු, ළමා මානසික, චරම රෝග ඇතුලු සායන වැඩිම ප්‍රමාණයක් පැවැත්වෙන්නේ රෝහලේ දෙවන මහලේය. මෙම සායන සඳහා බොහෝ දෙනා පැමිනෙන්නේ දුර බැහැර ප්‍රදේශවල සිටය.ඔවුන් අලුයම් කාලයේ සිටම පෝලිම්වලට එක්ව සිටින බවද පවසයි

මෙම සායනවලට දිනපතා රෝගින් දහසකට ආසන්න සංඛාවක් පැමිණෙන අතර ඔවුන්ගෙන්ද බොහෝ දෙනෙක් පැමිනෙන්නේ රෝද පුටුවලින්. කිහිලිකරුවලින්, අත්වාරුවලින් හෝ තවත් කෙනෙකුගේ උදව්වෙනි.එසේ පැමිණ පැය ගණනක් සායන පෝලිම්වල සිටින තමන්ට එම මහලේද වැසිකිළි පහසුකම් සළසා දෙන ලෙස රෝගිහු ඉල්ලා සිටිති.

මේ පිළිබඳව කරාපිටිය රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂිකා හර්ෂණී උබේසේකර මහත්මියගෙන් විමසු විට කියා සිටියේ ඉහල මහලේ වැසිකිළි පද්ධතියක් ඉදිකිරිමට ඉඩ පහසුකම් නොමැති බවය. ඒ නිසා ඔවුන් වෙනුවෙන් බිම් මහලේ පහල කොටසක වැසිකිළි පද්ධතියක් ඉදිකර ඇති බවත් නියෝජ්‍ය අධ්‍යක්ෂවරිය පැවසුවාය.

Werzuo Digital

Leave a Reply