තොරතුරු තාක්ෂණය හා කෘත්‍රිම බුද්ධිය යන විෂයන් පාසල් පද්ධතියට හඳුන්වාදීමේ නියමු ව්‍යාපෘතිය තෝරා ගත් පාසල් විස්සකදී එළැඹෙන ජුනි මස අවසානයේදී ආරම්භ කෙරෙන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා පැවැසීය.
එළැඹෙන 2004 වසරේ සිට 6-9 සහ 10-13 දක්වා ශේර්ණිවල සිසුන්ට තොරතුරු තාක්ෂණය හා කෘත්‍රිම බුද්ධිය යන විෂය ඉගැන්වීම ආරම්භ කෙරෙන බවද ඇමැතිවරයා කීය.
පොදු රාජ්‍ය මණ්ඩලයීය දිනය අනුස්මරණය කිරීමට පැවැත්වූ රචනා තරගයේ ත්‍යාග ප්රදානය කිරීම සඳහා පෙරේදා (16දා) අධ්‍යාපන අමාත්‍යාංශයේ පැවැති උත්සවයකට එක් වෙමින් ඇමැතිවරයා මේ බව සඳහන් කළේය.
මේ නව විෂය දෙක ඉගැන්වීමට අමතරව සිසුන් අතර ඉංගී්රසි භාෂා භාවිතය වඩාත් පුළුල්ව ප්‍රචලිත කිරීම සඳහාද පියවර ගෙන ඇතැයි අධ්‍යාපන ඇමැතිවරයා කීය.
මෙරට සිසුන් අතර බොහෝ විට ඉංගී්රසි භාෂා භාවිතය සම්බන්ධයෙන් මනා ලිඛිත වටහා ගැනීමේ හැකියාවක් දක්නට ලැබුණද යමක් අන්‍යයන්ට ඉංගී්රසි බසින් පහදා දීමේදී දුර්වලතාවක් දක්වන බවත්, ඒවා මේ වැඩසටහන් ක්‍රියාවට නැංවීමෙන් මඟහරවා ගත හැකි බව අපේක්ෂා කරන බවත් ඔහු අවධාරණය කළේය