උතුරේ ප්රදේශ කිහිපයක ළමයින් පැහැරගන්නා බවට වාර්තා පළවීමත් සමඟ එම ප්රදේශවල ජනතාව සැකකටයුතු පුද්ගලයින්ට පහරදීමේ තත්ත්වයක් පවතින බව පොලිසිය පවසයි.
එවැනි සිද්ධියක් කිලිනොච්චිය – භාරතීපුරම් ප්රදේශයෙන් ඊයේ (16) වාර්තා වී තිබේ.
එහිදී ප්රදේශවාසින් වෑන් රථය ලුහුබැඳගොස් එහි සිටි පුද්ගලයින්ට පහරදී ඔවුන් පොලිසිය වෙත භාර දී තිබෙන බව වාර්තා වී ඇත
ඒ අනුව වෑන් රථයේ සිටි පුද්ගලයින් තුන්දෙනෙකු බරපතල තුවාල ලබා රෝහල්ගත කළ බවයි පොලිසිය පවසයි.
ඔවුන් භාණ්ඩ අලෙවිය කිරීම සඳහා පැමිණීමේදී ප්රදේශවාසින් මෙලෙස පහරදී ඇති බව විමර්ශනවලින් අනාවරණය වී ඇත.
එමෙන්ම යාපනය – නාවන්තුරෛයි ප්රදේශයේ දී සැක කටයුතු පුද්ගලයෙකු ළමයින් පැහැරගැනීමට උත්සහ දරා ඇති බව පවසමින් ඔහුට පහරදී වවුනියාව පොලිසිය වෙත භාර දී තිබේ.
අදාළ පුද්ගලයා වවුනියාව ප්රදේශයේ පදිංචිකරුවෙකු වන අතර ඔහු යම් මානසික අබාධයකින් පෙළෙන අයෙකු බව එහිදී ද අනාවරණ වී ඇත.
මීට පෙර මන්නාරම ප්රදේශයේ පාසල් ළමයින් පැහැර ගැනීමේ උත්සහයක් ගැන වාර්තා වූ අතර පසුව පොලිසිය සහ පොලිස් විශේෂ කාර්ය බලකායේ ආකර්ෂාවද එම ප්රදේශවලට යොදවා තිබුණා.