නෙළුවේ අතරුදහන් ළමයි හතරදෙනා සොයාගනි

නෙළුව පොලිස් වසමේ දෙල්ලව මියනවතුර ප්‍රදේශයේ නිවසක සිටියදි ඊයේ (13) රාත්‍රි අතුරුදහන්වු පිරිමි ළමයින් හතර දෙනා එම ප්‍රදේශයේම නිවසක සිටියදි සොයා ගත් බව නෙළුව පොලිසිය පවසයි.

මෙසේ අතුරුදහන්ව සිටියේ අවුරුදු 01 මාස 03, අවුරුදු 10 පසුවන ළමයි දෙදෙනෙකු සහ අවුරුදු 13 යන වයසේ පසුවන පවුල් කිහිපයකට අයත් පිරිමි ළමයින් සිව් දෙනෙකි.

පරික්ෂණවලදි අනාවරණයවි ඇත්තේ දෙමව්පියන් සමග ඇතිවු අමනාපයක් නිසා ඔවුන් නිවසින් බැහැරව ගොස් ඇති බවය.

සිද්ධිය සම්බන්ධයෙන් නෙළුව පොලිසිය වැඩිදුර පරික්ෂණ පවත්වා ගෙනයනු ලබයි

නෙළුවේ ළමයින් හතර දෙනෙක් අතරුදහන්

Werzuo Digital

Leave a Reply