බේරුවල ප්‍රදීපාගාරයේ සිට නාවික සැතපුම් 8 ක් පමණ දුරින්, ශ්‍රී ලංකාවට බටහිර දෙසින් වූ මුහුදේදී අයහපත් කාළගුණික තත්වය හේතුවෙන් අනතුරට පත් ධීවරයක් හය දෙනෙකු බේරාගත් බව නාවික හමුදාව පවසයි.
ජලය කාන්දු වී මුහුදේ ගිලෙමින් තිබූ මෙරට බහුදින ධීවර යාත්‍රාවක සිටි ධීවරයින් හය දෙනෙක් ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවට අයත් යාත්‍රාවකින් බේරාගෙන තිබේ.
බහුදින ධීවර යාත්‍රාවේ හිමිකරු විසින් නාවික හමුදා මූලස්ථානයේ පිහිටි කොළඹ සමුද්‍රීය සෙවීම් හා මුදවාගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානය වෙත කළ දැනුම්දීමකට අනුව වහා ක්‍රියාත්මක වූ නාවික හමුදාව, ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවට අයත් සීජී 208 යාත්‍රාව අනතුරට පත් ධීවර යාත්‍රාව පිහිටි මුහුදු ප්‍රදේශය වෙත යොමු කළ බවත් නාවික හමුදාව පවසයි.
එම යාත්‍රාව කඩිනමින් අනතුරට පත් ධීවර යාත්‍රාව පිහිටි මුහුදු ප්‍රදේශය වෙත ළඟාවී ගිලෙමින් තිබූ එම බහුදින ධීවර යාත්‍රාවේ ජීවිත අවදානමට පත්ව සිටි ධීවරයින් හය දෙනා නිරුපද්‍රිතව මුදවා ගෙන ධීවරයින් පිරිස මේ වනවිට ගොඩබිමට රැගෙන එමින් සිටින බව නාවික හමුදාව පවසයි.
