නෙළුවේ ළමයින් හතර දෙනෙක් අතරුදහන්

නෙළුව දෙල්ලව මියනවතුර ප්‍රදේශයේ එකම නිවසක නතරව සිටි පවුල් කිහිපයක පිරිමි ළමයන් හතර දෙනකු ඊයේ (13) රාත්‍රි සිට අතුරුදහන්වි ඇති බවට පැමිණිල්ලක් ලැබි ඇතැයි නෙළුව පොලිසිය පවසයි.

මෙසේ අතුරුදහන්වි ඇත්තේ අවුරුදු 01 මාස 03, අවුරුදු 10 පසුවන ළමයි දෙදෙනෙකු සහ අවුරුදු 13 යන වයසේ පසුවන පිරිමි ළමයින් සිව් දෙනෙකි.

මෙම ළමයන්ගේ මව්පියන් නෙළුව ප්‍රදේශයේ වතුවල තාවකාලිකව වැඩ කිරිම සඳහා මියනවතුර ප්‍රදේශයේ නිවසක් කුලියට ගෙන නතරව සිට ඇති අතර එසේ සිටියදී ඊයේ රාත්‍රි සිට දරුවන් අතුරුදහන් බවට ඔවුන්ගේ මව්පියන් පොලිස් හදිසි ඇමතුම් අංශයට දන්වා ඇත.

අතුරුදහන්වු ළමයන් පිළිබඳ මෙතෙක් කිසිම තොරුතුරක් නොමැති අතර නෙළුව පොලිසිය විසින් පරික්ෂණ පවත්වා ගෙන යනු ලැබේ

Werzuo Digital

One thought on “නෙළුවේ ළමයින් හතර දෙනෙක් අතරුදහන්

Leave a Reply