බීමත් පිරිසකගෙන් බෝලවත්ත දුම්රිය ස්ථානයට ප්‍රහාරයක්

වෙන්නප්පුව බෝලවත්ත දුම්රිය ස්ථානයට අද (13) රාත්‍රී 7.00ට පමණ මැර ප්‍රහාරයක් එල්ලවී ඇතැයි පොලිසිය පවසයි. 

දුම්රිය වේදිකාවේ මත්පැන් පානය කර සිටි කණ්ඩායමකට දුම්රිය ස්ථාන පරිශ්‍රයෙන් ඉවත් වන ලෙසට කළ දැනුවත් කිරීමට කෝපවූ පිරිස කාර්ය මණ්ඩලයට පහර දී දුම්රිය ස්ථානයට ජනේලවලට පහරදී අලභහානී කර ඇත.

දුම්රිය ස්ථානාධිපතිවරයා ඇතුලු කාර්ය මණ්ඩලයේ තිදෙනකු ඇතුළු පුද්ගලයන් හතර දෙනෙකු මෙලෙස පහර කෑමට ලක්ව ඇත

පහර කෑමට ලක්වු සිව් දෙනා රෝහල් ගතකර ඇත

සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය වැඩිදුර පරික්ෂණ පවත්වා ගෙනයනු ලබයි.

Werzuo Digital

Leave a Reply