කැම්පින් ගිය යුවළට වන අලි ප්‍රහාරයක් – තරුණිය මරුට තරුණයාට බරපතළයි

කොස්ලන්ද උඩ දියළුම දියඇල්ල අසල කඳවුරු බැඳගෙන සිටි යුවළකට අද( 12) අලුයම එල්ල වූ වන අලි ප්‍රහාරයකින් තරුණිය එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්වී තරුණයා බරපතල තුවාල ලබා රෝහල් ගත කර ඇතැයිද කොස්ලන්ද පොලීසිය පවසයි.

මෙසේ ජීවිතක්ෂයට පත්වී ඇත්තේ මාතර කැකනදුර පදිංචි 23 හැවිරිදි තරුණියකි. බරපතළ තුවාල ලබා ඇත්තේ වාරියපොල පදිංචි 22 හැවිරිදි තරුණයෙකු බව පොලිසිය පවසයි.

මොවුහු කොස්ලන්ද උඩ දියලුම  සංචාරයක පැමිණ රාත්‍රී කාලයේ කදවුරු බැඳගෙන සිටී  බව පොලීසිය පවසයි.

තරුණියට පහර දුන් වන අලියා එම ස්ථානයේම ගැවසෙමින් සිට ඇති අතර ඒ පිරිස සමඟ පැමිණි සියලු දෙනා පලවා හැර ඇති බවද පොලිසිය පවසයි.

පසුව මහත් පරිශ්‍රමයක් දරා පොලිසිය ප්‍රදේශවාසීන් සමඟ එක්ව අලියා පලවා හැර තිබේ.

කොස්ලන්ද පොලීසිය පරීක්ෂණ පවත්වාගෙන යනු ලබයි.

Werzuo Digital

One thought on “කැම්පින් ගිය යුවළට වන අලි ප්‍රහාරයක් – තරුණිය මරුට තරුණයාට බරපතළයි

Leave a Reply