කුඩා දරු දැරියන්ගේ සහ කාන්තාවන්ගේ ජායාරූප යොදා ගනිමින් ඔවුන් සම්බන්ධව ලිංගික හැඟීම් උද්දීපනය වන ආකාරයෙන් මුහුණු පොතේ පෝස්ටු (posts) පළ කරනු ලබන පුද්ගලයන් සහ එහි පිටු (Facebok Pages) පවත්වාගෙන යන්නන් සම්බන්ධව පරිගණක අපරාධ කොට්ඨාසයේ සමාජ මාධ්‍ය අපරාධ විමර්ශන ඒකකය පරීක්ෂණ ආරම්භ කර ඇත.
ෆේස්බුක් සමාජ ජාලය ආශ්‍රිතව කුඩා ළමයින්ට සහ කාන්තාවන්ට අපහාස සිදුකරමින් පවත්වාගෙන යනු ලබන ෆේස්බුක් පිටු විශාල ප්‍රමාණයක් ඇති බව සමාජ මාධ්‍ය අපරාධ විමර්ශන ඒකකය සඳහන් කර තිබේ
මේ සම්බන්ධව පරීක්ෂණ සිදු කරමින් එම ෆේස්බුක් පිටු පවත්වාගෙන යන්නන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බවද පොලිසිය ප්‍රකාශ කර තිබේ.
