ඇල්පිටිය මනුෂ්‍ය ඝාතනයක්

ඇල්පිටිය දිවිතුර වත්ත ඇත්කඳුර ප්‍රදේශයේ අද (04) පෙරවරුවේ සැමියෙකු විසින් සිය බිරිඳට පොරවෙන් පහරදී ඝාතනය කර ඇතැයි ඇල්පිටිය පොලිසිය පවසයි.

මෙලෙස ඝාතනය කර ඇත්තේ තිස් පස් හැවිරිදි ඇත්කඳුර වත්ත පදිංචි කාන්තාවකි.

පවුල් ආරවුලක් හේතුවෙන් මෙම ඝාතනය සිදුව ඇති බවට අනාවරණය වී පොලිසිය පවසයි.

සිද්ධිය සම්බන්ධයෙන් සැකකාර සැමියා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඇල්පිටිය පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වා ගෙන යනු ලබයි.

Werzuo Digital

Leave a Reply