ගිණිකොන දිග බෙංගාල බොක්ක මුහුදේ කැළඹීමක් – අද සිට බොහෝ ප්‍රදේශවලට වැසි

දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද (04) සිට පස්වරු 1.00 න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 

ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75 ට වැඩි තරමක තද වැසි ද ඇති විය හැකිය.

මේ අතර ගිණිකොන දිග බෙංගාල බොක්කේ කැළඹිලි ස්වභාවයක් නිර්මාණය වීමේ හැකියාවක් ද ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව වැසි තත්ත්වයේ වැඩිවිමක් ඇති විය හැකි බව එම දෙපාර්තමේන්තුව පැවසීය.

මේ අතර පවතින අධික වර්ෂාව හමුවේ දිස්ත්‍රික්ක 3 කට පැන වූ නාය යෑමේ අනතුරු ඇඟවීමේ නිවේදනය යළි දීර්ඝ කෙරුණි. 

ඒ අනුව බදුල්ල දිස්ත්‍රික්කයේ හල්දමුල්ල සහ පස්සර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල ජනතාව සහ කෑගල්ල දිස්ත්‍රික්කයේ කෑගල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ජනතාව නාය යෑම් පිළිබඳ විමසිලිමත් විය යුතු බවයි. 

මාතර දිස්ත්‍රික්කයේ කොටපොල සහ පස්ගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා පැන වූ නාය යෑමේ අනතුරු ඇඟවීම් ද ඊයේ (03) යළි දීර්ඝ කළේ ය. 

Werzuo Digital

Leave a Reply