ශ්‍රී ලාංකික වෛද්‍ය සිසුවා බෙලරූසයේ අභිරහස් ලෙස මියයයි

ශ්‍රී ලාංකික වෛද්‍ය සිසුවෙකු අභිරහස් ලෙස බෙලරූසයේ මියගොස් ඇති පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ බෙලරූසයේ වෛද්‍ය විද්‍යාලයක අධ්‍යාපනය හදාරමින් සිටි මහනුවර ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි සිසුවෙකි.

බෙලරූසයේ ග්‍රොඩ්නෝ වෛද්‍ය විශ්ව විද්‍යාලයේ සිව්වන වසරේ අධ්‍යාපනය ලබමින් සිටියදී ඔහු මෙලෙස මියගොස් ඇත.

සිසුවාගේ සිරුර නේවාසිකාගාරයේ ඔහුගේ කාමරයේ තිබී පසුගිය 30 වනදා හමුවී ඇති බව වාර්තා වෙයි.

මෙම සිසුවා පළමු වසර දෙවන වසර සහ තුන්වන වසරවල එම වෛද්‍ය විද්‍යාලයේ දක්ෂතම සිසුවාට හිමි සම්මානය හිමිකරගැනීමට සමත්ව තිබීම ද විශේෂත්වයකි.

බෙලරූස පොලීසිය එම මරණය සම්බන්ධයෙන් මේ වනවිට විමර්ශනයක් ආරම්භ කර ඇත.

Werzuo Digital

Leave a Reply