ආවා­ස­ගෙට රිංගා ලක්ෂ ගණනක මුදල් දේවාභරණ උස්සලා

පයාගල ප්‍රදේශයේ විහා­රා­ධි­පති හිමි­යන් දේවා­ලයේ පූජාව පව­ත්ව­මින් සිටි­යදී පයා­ගල ප්‍රදේ­ශයේ විහා­ර­ස්ථා­න­යක ආවා­ස­ගෙට ඇතුළු වූ අයෙකු මුදල් සහ දේවාභරණ සොරකම් කරගෙන ගොස් ඇති බව පැමිණිල්ලක් ලැබි ඇතැයි පයාගල පොලිසිය පවසයි.

පයා­ගල විහා­ර­ස්ථා­නයක විහා­රා­ධි­පති හිමියන් විසින් ඉකුත් (26) දා පොලි­සි­යට කරන ලද පැමි­ණිල්ල අනුව මෙම සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය පරී­ක්ෂණ ආරම්භ කොට තිබේ.

මෙලෙස රුපි­යල් ලක්ෂ 23ක මුද­ලක් සහ රන් දේවාභරණ සොර­කම් කර ගෙන ගොස් ඇති බව පැමිණිලි කර තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් පයාගල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන යනු ලබයි.

Werzuo Digital

Leave a Reply