අවුරුදු උත්සවයකදී කුඩා දරුවෙක් මරුට

ගල්කිරියාගම පොලිස් වසමේ පලාගල, කුඩාහෙට්ටාව ප්‍රදේශයේ අවුරුදු උත්සවයක මැරතන් ධාවන තරගකරුවන්ගේ සහායට මාර්ගයේ දිවයමින් සිටි 10 හැවිරිදි පාසල් සිසුවෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙන බව පොලිසිය පවසයි.

අද (22) පෙරවරුවේ පැවති මැරතන් ධාවන තරගය සඳහා සහභාගී වූ සිය වැඩිමහල් සහෝදරයාට සහාය දැක්වීමට පසුපසින් දිවගිය එම දරුවා මාර්ගයේ ඇද වැටී ඇති බව පොලීසිය පවසයි.

කඩිනමින් කලාවැව ග්‍රාමීය රෝහලට ඇතුළත් කර ඇති ඔහුව වැඩිදුර ප්‍රතිකාර සඳහා අනුරාධපුර රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් තිබේ.

දරුවාගේ මරණයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර පශ්චාත් මරණ පරීක්ෂණය කැකිරාව රෝහලේදී සිදුකිරීමට නියමිතය.

සිද්ධිය සම්බන්ධයෙන් ගල්කිරියාගම පොලීසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.

Werzuo Digital

Leave a Reply