එළඹෙන උත්සවය සමය වෙනුවෙන් ඉන්ධන කෝටාව අද (04) මධ්‍යම රාත්‍රියේ සිට ඉහළ දැමීමට රජය තීරණය කර තිබෙන බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර තිබේ.
ඒ අනුව
- ත්‍රිරෝද රථ සඳහා පෙට්‍රල් ලීටර් 8ක් දක්වා ද යතුරුපැදි සඳහා පෙට්‍රල් ලීටර් 7ක් දක්වා ද ඉහළ දමා ඇත.
- මීට පෙර බස් රථ සඳහා ඉන්ධන ලීටර් 40ක් ලබාදුන් අතර එය ඉන්ධන ලීටර් 60ක් දක්වා ද ඉහළ දමා තිබේ.
- මෝටර් රථ සඳහා නිකුත් කළ ඉන්ධන ප්‍රමාණය ලීටර් 30 දක්වා ඉහළ දමා තිබේ.
- ඉඩම් වාහන සඳහා නිකුත් කළ ඉන්ධන ප්‍රමාණය ලීටර් 25ක් දක්වා ඉහළ දැමීමට තීරණය කර ඇත.
- ලොරි රථ සඳහා නිකුත් කළ ඉන්ධන ප්‍රමාණය ද ලීටර් 75ක් දක්වා ඉහළ දැමීමට තීරණය කර තිබේ.
- විශේෂ කාර්ය වාහන සහ වෑන් රථ සඳහා නිකුත් කරනු ලැබූ ඉන්ධන ප්‍රමාණය ලීටර් 20 සිට 30 දක්වා ඉහළ දැමීමට තීරණය කර ඇත.
