ශ්‍රි ලංකාව ලොව සංචාරය කිරිමට හොඳම රටවල් අතරට

2023 වසරේ ලෝකයේ සංචාරය කිරීමට සුදුසුම රටවල් 23 අතරට ජාත්‍යන්තර ෆෝබ්ස් සඟරාව විසින් ශ්‍රී ලංකාවද එක් කර ඇත.

සංචාරක ක්ෂේත්‍රයේ විශේෂඥයන්ගේ නිර්දේශ මත ෆෝබ්ස් සඟරාව විසින් මෙම රටවල් 23 නම් කර තිබේ.

සම්මානනීය සංචාරක වාර්තාමය චිත්‍රපට නිෂ්පාදකවරියක වන ජුලියානා බ්‍රොස්ටේ විසින් ශ්‍රී ලංකාව මෙම ලැයිස්තුවට තෝරාගෙන තිබේ.

ඉහළ උද්ධමනයක් තිබුණත් ශ්‍රී ලංකාව දර්ශනීය සහ සංචාරක ගමනාන්තයක් වනු ඇති බව ජුලියානා පෙන්වා දී ඇත.

අනුරාධපුරය, නුවර, අලි අභයභුමිය සහ යාල ජාතික වනෝද්‍යානය සංචාරකයන්ගේ ආකර්ශණය දිනාගත් ස්ථාන බවත් කෙටි දුරක් ගමන් කර නැරඹිය හැකි ස්ථාන රාශියක් ශ්‍රී ලංකාවේ තිබෙන බවත් ඇය පෙන්වා දී ඇත.

https://www.forbes.com/sites/laurabegleybloom/2023/03/30/the-23-best-places-to-travel-in-2023-chosen-by-the-experts/amp/

Werzuo Digital

Leave a Reply