දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද (04) සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
මධ්‍යම, සබරගමුව, දකුණු සහ උතුරු මැද පළාත්වලත් ත්‍රිකුණාමලය, වවුනියා සහ මුලතිවු දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී.75ට වැඩි තරමක් තද වැසිද ඇති විය හැකි බව එම දෙපාර්තමේන්තුව නිවේදනය කළේය.
පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා මාතර දක්වා වන වෙරළබඩ ප්‍රදේශවල උදෑසන කාලයේදී ද වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කළේය.
මේ අතර ලබන මේ සතියේ ශ්‍රී ලංකාවේ වැසි තත්ත්වයේ වර්ධනය ඇතිවිය හැකි බව ජාත්‍යන්තර කාලගුණ අංශ අනාවැකි පළ කළේය.
