උත්සව සමය වෙනුවෙන් පොලීසිය මහජනතාවගේ ආරක්ෂා සඳහා විශේෂ සැලසුම් කිහිපයක් සකස් කර ඇති බව පොලිසිය පවසයි.
එළඹෙන උත්සවය සමයේදී මහජනතාව වංචාවලට හසු නොවී සිටීම සඳහා දැනුවත් කිරීමට විශේෂ මාධ්‍ය ප්‍රකාශයක් නිකුත් කරමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා මේ බව පැවසීය.
ඒ අනුව
- විවිධ භාණ්ඩ මිලදීගැනීමේදී එම භාණ්ඩ පරිභෝජනයට සුදුසු තත්ත්වයේ පවතීද යන්න පිළිබඳ සැලකිල්ලක් දක්වන්න
- අදාළ භාණ්ඩවල මිල ගණන් පිළිබඳව සැලකිලිමත් වන ලෙසත් වංචාකාරී කූඨ වෙළෙන්දන්ට හසුනොවන්න.
- උත්සව කාලයේදී ජාවරම්කරුවන් විසින් ව්‍යාජ මුදල් නෝට්ටු සංසරණය සඳහා එක්කරන බවත් ඒ පිළිබඳ ජනතාව විමසිල්ලෙන් පසුවන්න
- මහජනතාව විශාල පිරිසක් එක්රැස්වන ස්ථානයන්හි ගැට කපන්නන් ගැවසීමේ අවදානමක් පවතින නිසා එවැනි ස්ථානවලදී තම මුදල් පසුම්බිය ප්‍රවේසම් කරගැනීමට වගබලාගන්න.
- එසේම භාණ්ඩ මිලදී ගැනීමට කුඩා දරුවන් සමඟ විවිධ ස්ථානවලට යන්නේ නම් එම අවස්ථාවලදී දරුවන්ට රන් ආභරණ පැළඳවීමෙන් වළකින්න.
- වැඩිහිටි පුද්ගලයින් සමඟ එළඹෙන උත්සව සමයේ වෙළෙඳපොළ වෙත ගමන්කිරීමේදී ඔවුන්ගේ සෞඛ්‍යාරක්ෂිත බව රැකගැනීමට මුඛ ආවරණ පැළඳීම සිදුකරන්න
- රථවාහන ගාල්කර වෙනත් ස්ථානයක් කරා ගමන් කරයි නම් තමන් පැමිණි රථයේ දොරගුළු වැසුණු බවට මෙන්ම යතුරුපැදියක පැමිණියහොත් එහි හැඬලය අගුලු දමා ඇති බවට නිවැරදිව තහවුරු කරගන්න.
- යතුරුපැදි ආරක්ෂක හිස්වැසුම් යතුරුපැදිවල තබා කිසිදු විටෙක පිටතට ගමන් නොකරන්න
- පිටතින් රථය නිරීක්ෂණය කිරීමේදී දර්ශනය වන වටිනා භාණ්ඩ රථය තුළ දමා නොයන්න.
- නිවසින් දුර බැහැර යන්නේ නම් ඒ පිළිබඳව සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධ නොකරන්න.
- දුර බැහැර රථවාහන පදවාගෙන යාමේදී අදාළ මාර්ගයන්හි තත්ත්වය එම ප්‍රදේශවල කාලගුණික තත්ත්වය පිළිබඳවද සැලකිලිමත් වන්න.
- ඉදිරියේදී බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක කරන බැවින් කිසිදු හේතුවක් මත බීමතින් රිය ධාවනය නොකරන්න.
මෙම උත්සව කාලයේදී විවිධ විනෝද ගමන් සඳහා සහභාගී වීමේදී අනතුරුදායක ක්‍රියාකාරකම් සිදුකිරීමෙන් වළකින ලෙසත් විශේෂයෙන් අනතුරුදායක ස්ථානවලින් දියනෑමෙන් වළකින ලෙසද පොලීසිය මහජනතාව වෙත දැනුම්දෙයි
