කැළණි ගගේ දිය නෑමට ගිය තරුණයෙකු මරුට – මහවැලි ගඟේ දිය නෑමට ගිය ළමයෙකු අතුරුදහන්

කැළණි ගගේ නවගමුව මාපිටිගම ⁣පාලම අසල දිය නෑමට ගිය තරුණයින් හතර දෙනෙකු අතුරින් තිදෙනෙකු සැඩ පහරට ගසා ගෙන ගොස් අතුරැදහන් ව සිටි එක් අයෙකුගේ සිරැර නාවික හමුදා කිමිදුම් ඒකකය මගින් අද (01) දින පෙරවරුවේ සොයා ගත් බව නවගමුව පොලිසිය පවසයි

මෙලෙස මියගොස් ඇත්තේ නුවර හබරගල ප්‍රදේශයේ පදිංචිව සිටි 21 හැවිරිදි තරුණයෙකි

කඩුවෙල ප්‍රදේශයේ පෞද්ගලික ආයතනයක සේවය කරනු ලබන මෙම තරුණයන් සිව් දෙනා ඊයේ (31) සවස ගගේ නාමින් සිටියදී එක් අයෙකු සැඩ පහරට හසුව ගසාගෙන යනු දැක තවත් තරුණයන් දෙදෙනෙක් ඔහු බේරා ගැනීමට යාමේදී එම තරුණයන් තිදෙනාම දියේ ගිලීමට ගොස් ඇති බවත් ඒ අසල සිටි ප්‍රදේශවාසියෙක් එම සිද්ධිය දැක තරුණයන් දෙදෙනෛකු බේරා ගැනීමට සමත්ව ඇති බවත් නවගමුව පොලිසිය පවසයි

සිද්ධිය සම්බන්ධයෙන් නවගමුව පොලිසිය වැඩිදුරටත් පරීක්ෂණ පවත්වාගෙන යනු ලබයි.

මේ අතර හසලක, වේරගංතොට ප්‍රදේශයෙන් මහවැලි ගඟේ දියනෑමට ගිය කුඩා දරුවෙකු දියේ ගිලී අතුරුදන්වී තිබේ.

අතුරුදන් වී ඇත්තේ 08 හැවිරිදි වේරගංතොට, බුලත්වැල්කඳුර ප්‍රදේශයේ පදිංචි දරුවෙක් බව පොලීසිය පවසයි.

අදාළ දරුවා සිය වැඩිමහල් සොහොයුරා සමග මහවැලි ගඟේ දියනෑමට ගොස් සිටියදී මෙම අනතුර සිදුවී තිබේ. අතුරුදන්වූ දරුවා සෙවීමේ මෙහෙයුම් හසලක පොලීසිය සහ ප්‍රදේශවාසීන් එක්වී ආරම්භ කර ඇත.

Werzuo Digital

Leave a Reply