පාසල් ක්‍රිකට් (බිග් මැච්) තරගයක් අතරතුර මාර්ගයේ මෝටර් රථ සංදර්ශනයක නිරතවී සිටියදී සිදුවූ අනතුරකින් සිසුන් 02 දෙදෙනෙකු මියගොස් තවත් සිසුන් 07 දෙනෙකු තුවාල ලබා ඇති බව පොලිසිය පවසයි.
බදුල්ල ක්‍රිකට් ක්‍රීඩාංගණය ආසනනයේ ඇති නව ක්‍රීඩාංගණයේදී ජීප් රථයක් පෙරළී එහි සිටි සිසුන් මෙලෙස අනතුරට ලක්වී අද (01) දවහල් මෙම අනතුර සිදුවී තිබේ.
තුවාල ලැබූ සිසුන් රෝහල වෙත රැගෙන යන අතරතුර දෙදෙනෙකු මෙලෙස අවාසනාවන්ත ලෙස මියගොස් ඇති බව පොලිසිය පවසයි
බදුල්ල ඌව මහ විදුහල සහ ධර්මදුත මහ විදුහල අතර පැවති ක්‍රිකට් තරගය අතර මෙම අනතුර සිදුව තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් බදුල්ල පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන යනු ලබයි
