අධි උද්ධමන රටවල් ලැයිස්තුවෙන් ශ්‍රී ලංකාව ඉවතට

ඇමෙරිකාවේ ජොන් හොප්කිංස් විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යාඥ ස්ටීව් හැංකි සති දෙකකට වරක් ප්‍රකාශයට පත්කරන ලෝකයේ අධි උද්දමනයක් ඇති රටවල් ලැයිස්තුවෙන් වසරකට ආසන්න කාලයකට පසුව ශ්‍රී ලංකාව ඉවත් කර තිබේ.

ඔහුගේ උද්ධමන දර්ශකය අනුව කලක් එහි දෙවැනි ස්ථානයට පත්වූ ශ්‍රී ලංකාව ආසියාවේ ඉහළම උද්ධමනයක් ඇති රට ලෙසද පැවැතියේය.

කෙසේ වෙතත් මාර්තු 23දාට අදාළව ඔහු නිකුත් කර ඇති දර්ශකයෙන් ශ්‍රී ලංකාව ඉවත කර ඇති අතර රටවල් 18ක් ලැයිස්තුවට ඇතුළත් කර තිබේ.

මේ අතර මෙරට උද්ධමනය තවත් පහළ ගොස් ඇති බව නවතම දත්ත අනුව වාර්තා වෙයි.

ඒ අනුව, කොළඹ පාරිභෝගික මිල දර්ශකය මත පදනම් වූ 2023 මාර්තු මස උද්ධමනය සියයට 50.3ක් ලෙස සටහන්වී තිබේ. එය 2023 පෙබරවාරි මාසයේදී 50.6%ක් ලෙස පැවතුණි.

මේ අතර ආහාර උද්ධමනය 2023 පෙබරවාරි මාසයේදී 54.4% ලෙස පැවැතුණු අතර එය මාර්තු මාසයේදී 47.6%ක් දක්වා අඩුවී ඇත.

Werzuo Digital

Leave a Reply