සිය මව ඝාතනය කළ බවට පුතෙකු වසර 8කට පසුව සැකපිට අත්අඩංගුවට ගත් පුවතක් කැබිතිගොල්ලෑවෙන් වාර්තා වේ.
2015 වසරේ ජූනි මස කැබිතිගොල්ලැව පොලිස් බලප්‍රදේශයේ අයිතියේ වැව ගම්මානයේ දී වයස අවුරුදු 50ක කාන්තාවක් නිවස තුළ ඝාතනය කර තිබිය දී පොලීසිය විසින් සොයාගනු ලැබීය.
පසුව ඝාතනය සම්බන්ධයෙන් සිදුකළ වැඩිදුර පරීක්ෂණවලින් පසුව මිය ගිය කාන්තාවගේ බාල පුතා කටුනායක යුද හමුදා කඳවුරේ රාජකාරි කරමින් සිටිය දී අත්අඩංගුවට ගෙන තිබේ.
අත් අඩංගුවට ගත් සැකකරු 32 හැවිරිදි අයෙකි.
සැකකාර පුත්‍රයාගෙන් තමාට නිතර හිරිහැර සිදුවන බවට මව විසින් කිහිප වතාවක් පොලීසියට පැමිණිලි කර ඇති අතර, පොලීසියෙන් අවවාද කර ඇති බව ද අනාවරණය වී තිබේ.
සැකකරු විසින් මවගේ ගෙල සිරකර ඝාතනය කර ඇති බවට අධිකරණ වෛද්‍ය වාර්තාවෙන් හෙළි වී ඇත.
සැකකරු හෙට (27) කැබිතිගොල්ලෑව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.