දුරකතන ඇතුළු විදුලි සංදේශ උපකරණ අලෙවි කරන ස්ථාන 99%ක් විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවෙන් වෙළෙඳ බලපත්රය ලබාගෙන නොමැති බව අනාවරණය වේ.
දුරකතන ඇතුළු විදුලි සංදේශ උපකරණ ආනයනය කිරීමේදී මෙන්ම විකිණීමේදී ද විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවෙන් වෙළෙඳ බලපත්රයක් ලබාගත යුතුය.
වෙළෙඳ බලපත්රයක් නොමැතිව කවුරුන් හෝ විදුලි සංදේශ උපකරණ අලෙවි කරන්නේ නම් ඒ පිළිබඳව සොයා බැලීම විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ වගකීම වුවත් එම භාණ්ඩ රටට පැමිණියේ කෙසේදැයි යන කාරණයට වගකීමට කොමිෂන් සභාවට හැකියාවක් නොමැති බව එහි අධ්යක්ෂිකා (අනුකූලතා හා විමර්ශන) තරලිකා ලිවේරා ප්රකාශ කර තිබේ.
විදුලි සංදේශ පනත උල්ලංඝනය කරමින් එම උපකරණ අලෙවි කරන්නේ නම් එම ස්ථාන වැටලීම සඳහා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව පොලිසියේ පැමිණිල්ලක් කර, පොලිසිය හරහා වැටලීම කළයුතු බවද ඇය ප්රකාශ කර තිබේ.
බලපත්ර රහිතව විදුලි සංදේශ උපකරණ අලෙවි කරන ස්ථාන පිළිබඳ ලැයිස්තුවක් කොමිෂන් සභාව විසින් කරන ලද විමර්ශනයකින් පසු සකස් කර ඇති බවත්, එම ලැයිස්තුවට අදාළව ඒ ඒ පොලිස් ස්ථානයේ පැමිණිලි කිරීමට කටයුතු කරන බවද ඇය සඳහන් කළාය.