කටුනායක මඩවල ප්‍රදේශයේදී අද (23) පෙරවරුවේ පොලීසිය සිදුකළ වෙඩි තැබීමකින් පොලිස් අත්අඩංගුවේ සිටි 30 හැවිරිදි සැකකරුවෙක් මියගොස් ඇති බව වාර්තාවේ
මිනීමැරුම් හා අපරාධ රැසකට සම්බන්ධ බවට සැකපිට එම පුද්ගලයාව කටුනායක පොලීසිය විසින් මාතරදී ඊයේ (22) අත්අඩංගුවට ගෙන තිබේ.
පසුව කටුනායක මඩවල ප්‍රදේශයේ මාදූව වගුරුබිම වෙත අද උදෑසන පොලීසිය විසින් එම සැකකරුව ඔහු සඟවා තිබූ අවි ආයුධ තොගයක් සොයාගැනීම රැගෙනවිත් ඇති බව පොලීසිය පවසයි.
එහිදී වළදමා තිබූ අත්බෝම්බයක් හා පිස්තෝලයක් ගොඩගන්නා අතරතුර සැකකරු අත්බෝම්බය පොලිස් නිලධාරීන් වෙත දමා ගැසීමට උත්සාහ කළ අවස්ථාවේ පොලීසිය සැකකරුට වෙඩිතබා ඇති බව වාර්තා විය