නාඳුනන පුද්ගලයන් දෙදෙනකුගේ මළ සිරුරු දෙකක් දොඩම්ගොඩ දී සහ පානදුරදී හමු වූ බව පොලිසිය පවසයි.
දොඩංගොඩ යටදොල පයාගල මාර්ගයේ වයස අවුරුදු 55 ක් පමණ වන පුද්ගලයකුගේ උඩුකය නිරුවත්ව තිබූ මළසිරුරක් හමුව ඇතැයි පොලීසිය පවසයි.
පානදුර උතුර බොල්ගොඩ ගඟේ පාවෙමින් තිබූ නාඳුනන මළ සිරුර වයස අවුරුදු 40 පමණ පුද්ගලයකු බවට සිතිය හැකි යැයි ද සුදු පැහැති ටී ෂර්ටයක් සහ කෑමා වර්ගයේ කොට කලිසමක් හැඳ සිට ඇතැයි පොලිසිය පවසයි
මෘත ශරීර පානදුර මූලික රෝහලේ , සහ නාගොඩ මහ රෝහලේ තැන්පත් කර ඇති අතර ඥාතීන් හඳුනාගැනීමෙන් අනතුරුව පශ්චාත් මරණ පරීක්ෂණයක් පැවැත්වීමට නියමිතය.