පියෙකුට සහ දියණියට දිවි අහිමි කල අනතුර

කටුගස්තොට ප්‍රදේශයේදී සිදුවූ මාරක රිය අනතුරකින් පියකු සහ දියණියක ජීවිතක්ෂයට පත්වී තිබෙන බව පොලිසිය පවසයි.

මෙම අනතුරින් මිය ගොස් ඇත්තේ පොල්ගොල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි 47 හැවිරිදි පුද්ගලයකු සහ ඔහුගේ 14 හැවිරිදි දියණිය බවද පොලිසිය පවසයි.

මාර්ගයේ ගමන් කළ පියා සහ දියණිය කටුගස්තොට ජම්බුගහ පිටිය මාර්ගයේදී ධාවනය වූ වෑන් රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත.

අනතුර සම්බන්ධයෙන් වෑන් රථ රියදුරු අත්අඩංගුවට ගෙන ඇත.

Werzuo Digital

Leave a Reply