භූ චලනය ගැන හොයන්න භූ විද්‍යා කාර්යාංශය බුත්තල යයි

බුත්තල, පැල්වත්ත සීනි කර්මාන්ත ශාලාව අසල ප්‍රදේශයේ ආශ්‍රිත ප්‍රදේශයේ සිදුවු භූ චලන සම්බන්ධයෙන් පර්යේෂණ සිදු කිරීම සඳහා භූ විද්‍යාඥයින් කණ්ඩායමක් එහි පිටත්ව ගිය බව භූ විද්‍යා සහ පතල් කැණීම් කාර්යාංශය පවසයි.

අදාල කණ්ඩාමේ පර්යේෂණ අනුව ඒ සම්බන්ධයෙන් විද්‍යාත්මක වාර්තාවක් ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බව එහි වැඩබලන අධ්‍යක්ෂ ජනරාල් ජානක අජිත්ප්‍රේම මහතා පැවසීය

මෙරට තුළ දරුණු ගණයේ භූ කම්පන ඇතිවීමේ අවදානමක් නොමැති බව ද ඔහු පැවසීය.

පැලවත්ත සීනි කර්මාන්ත ශාලාව පිහිටි ප්‍රදේශය ආශ්‍රිතව ඊයේ (10) භූ චලන 2ක් වාර්තා විය.එහි අගය මැග්නිටියුඩ් ඒකක 3 ක් සහ 3.5 ක් ලෙස සටහන් විය.වැල්ලවාය,බුත්තල ඇතුළු ප්‍රදේශවල ජනතාවට එය දැනී තිබුණි.

Werzuo Digital

Leave a Reply